27 C
Colombo
06/03/2026

ඉන්දියන් බිත්තර ලංකාවට – මිල ගැන බරපතල ගැටළුවක් ?

Share with your friends :

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවය.

මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.

වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ මෙම බිත්තරයක ඉන්දියාවේ මිල ශ්‍රීලංකා මුදලින් රුපියල් 15 ක් බවය.

Share with your friends :