27 C
Colombo
06/03/2026

අලුත්කඩේ නඩු අහද්දී විත්ති කූඩුවේ සිටි ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයි

Share with your friends :

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නැමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කාමර අංක 5 තුලදී සිදු කර ඇති වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇත.

ප‍්‍රහාරයෙන් පසු ඔහු රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇත.

රක්ෂිත බන්ධනාගාරගත භාරයේ පසුවන ගනේමුල්ලේ සංජීව නඩු කටයුත්තක් සඳහා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට ගෙනවිත් ඇති අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

ඝාතකයා තීනීඥයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණ ඇති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

වෙඩි තැබීම සඳහා යොදාගත් බවට සැක කරන රිවෝල්වරයද ඒ අසල තිබී හමුවූ බව පොලිසිය කියයි.

Share with your friends :