27 C
Colombo
11/03/2026

ආර්ථික අර්බුදය අස්සේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 50කට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර

Share with your friends :

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ඉක්මවූ ප්‍රමාණයක් සඳහා ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබා දීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී.

ඒ අනුව තම ප්‍රදේශයේ ක‍්‍රියාත්මක රජයේ ව්‍යාපෘති හෝ වැඩි කැමැත්තක් දක්වන ව්‍යෘපාති සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන් ගෙන් විමසීමක් කර තිබේ.

එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් විසින් දන්වා ඇත්තේ රට ආර්ථික වශයෙන් ඉතා අපහසු තත්වයක තිබියදීත් තවත් වියදම් දරමින් මෙම ධුරයන් ලබා ගැනීමේ කැමැත්තක් නැති බවයි.

අදාල ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්‍රීවරුන් සඳහා වාහන ඉන්ධන ඇතුළු අමතර පහසුකම් අමතර පහසුකම් ද ලබා දීමට නියමිතව තිබේ.

Share with your friends :