27 C
Colombo
11/03/2026

කබ්රාල් අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්ට සදුදා බාරදෙයි

Share with your friends :

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13) බාරදීමට නියමිතය.

ඉන්පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයේ එම සතියේම වැඩ භාරගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස දැනට කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

Share with your friends :