27 C
Colombo
08/03/2026

කබ්රාල්ට කෝටි 10.8 ක විශ‍්‍රාම වැටුපක්

Share with your friends :

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අවුරුදු අටක කාලය සඳහා මිලියන 108 ක පමණ විශ්‍රාම වැටුප් ලැබිය යුතුව ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
එය අනුමත කරගෙන දැන් ලබා ගන්නේ නැති බව කියමින් ‘අනුමත් උනාට ගන්නෙ නැතැයි’ පවසසු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
නමුත් වසර පහ අවසානයේ සේවය අතහැරීමට ආසන්නයේ එය ලබා ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහ බැංකු අධිපති ලෙස පත්කර ඇත්තේ ඇලඩින්ගේ පුදුම පහන මෙන් වැඩ පෙන්වන්නට විය හැකි බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

Share with your friends :