27 C
Colombo
08/06/2026

රට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් රැසක්

Share with your friends :

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන් 46 දෙනෙකු, වෛද්‍යවරුන් 5 දෙනෙකු, හෙද හෙදියන් තිදෙනෙකු හා කණිෂ්ට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, මේ අතර වෙති.
මේ අතර මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකටද වෛරසය ආසාදනය වී තිබේ.
වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවල රැඳවියන් 107දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.මේ අතරින් 70 ක් කාන්තා රැඳවියෝ වෙති.
පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන තිබේ.
මේ වන විට බොරැල්ල පොලිසියේ නිලධාරීන් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ අනුව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කර තිබේ.මීට දින 10 පමණ පෙර දී මංගල උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා පුද්ගලයන් 40ත් 50ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇත.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇත.මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙම ආසාධිත වෛද්‍යවරයා සමග ආසාධිතයන් 14 දෙනෙකු සොයාගෙන තිබේ.
මේ සියලු රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත මේ වන විට යොමු කර තිබේ.

Share with your friends :