27 C
Colombo
10/05/2026

විදේශ සංචිත ඩොලර් බිලියන 2.1 යි-අවසන් සතියේදී බිලියන 106 ක් අච්චු ගහලා

Share with your friends :

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.1 ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.
මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපේක්ෂා කරන මුදල් ප්‍රවාහයන් ඉදිරි මාස කිහිපය තුළ නොලැබුණහොත් තත්වය තව තවත් දරුණු වියහැකි බවත්, ඩොලරයට ඇති ඉල්ලුම අධික වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ වටිනාකම තවදුරටත් ඉහළ යා හැකි බවත් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

මේ අතර පසුගිය සතියේදී පමණක් මහබැංකුව විසින් රුපියල් මිලියන 106 ක් වටිනා නෝට්ටු අලුතින් මුද්‍රණය කර ඇති බව වාර්තා වේ. වසරේ මේ දක්වා මුද්‍රණය කර ඇති නෝට්ටුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 700 ක් පමණ වේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තද තාවකාලිකව හෝ ගතහැකි සාර්ථක එකම විසඳුම නෝට්ටු මුද්‍රණය කිරීම බවට පත්ව ඇත.

Share with your friends :