27 C
Colombo
10/05/2026

රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

Share with your friends :

කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගා කරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන්නේ යයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පසුගිය කාලයේ උද්ඝෝෂණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීහු මෙවර කන්න රැස්වීම වර්ජනය කළහ.

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීම ද නොකරන්නැයි ඔවුහු පසුගිය දින කිහිපයේ විරෝධතා ව්‍යාපාර පවත්වමින් කියා සිටියහ.

මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර දුන්නේය.

Share with your friends :