27 C
Colombo
08/03/2026

ඉන්ධන ප‍්‍රමිතියෙන් තොරයි.. දහනය ඉහලයි

Share with your friends :

මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඉන්ධන වල ප්‍රමිතිය පිළිබඳව බස් රථ හිමියන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවද පවසන ඔහු ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී.

එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්රල් පවා දහනය වීමේ සම්භාවිතාව ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share with your friends :