27 C
Colombo
08/03/2026

ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි

Share with your friends :

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය.

‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව හෙට (4) සහ අනිද්දා (5) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වෙ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ සහ ගැටලුවලට අදාළ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.

Share with your friends :