27 C
Colombo
12/05/2026

ආනයනික සහල් තොග මිල පහළට

Share with your friends :

ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති.

ඉන්දියාවෙන් ආනයනය කරන පොන්නි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 120 දක්වා ද, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 110 දක්වා ද,සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 98 දක්වා ද පහළ බැස ඇත.

ඉන්දියාවේ සහල් මිල අඩු වීම මෙම තත්ත්වයට හේතුව බව ද ඉන්දියාවේ නාඩු මෙට්‍රික් ටෝන් එකක මිල ඩොලර් 400ක්ද, සිදු කැකුළු මෙට්‍රික් ටෝන් එකක මිල 390 දක්වා ද අඩුවී ඇත.

සහල් ආනයනය අඛන්ඩව සිදු කරන බවත් ඇති තරම් තොග පිටකොටුවේ ගබඩා කර ඇතැයි ද ආනයන කරුවෝ කියා සිටිති.

Share with your friends :