27 C
Colombo
07/03/2026

ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම විදේශ ඇමති හමුවෙයි

Share with your friends :

ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර ඉදිරි කටයුතු ගැන සකාච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කර ඇත.

දෙපාර්ශ්වය අතර පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵල හා සබැඳි කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග සාකච්ඡා කළ අයුර ඡායාරූපයේ දැක්වේ.

Share with your friends :