27 C
Colombo
07/03/2026

ඩෙස්මන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය.

ඩෙස්මන් ද සිල්වා මහතා ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ද ජනාදරයට පත් විය.

‘චූඩා මාණිකේ’, ‘යන්න රට වටේ’, ‘සුමිහිරි පානේ පදමට ගහලා’, ‘ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්’, ‘පොල්කටු හැන්දෙ මිට වගේ’, ‘මම්ම නෝ පප්ප නෝ’, ‘යමන් බණ්ඩො’, ‘කකුල කකුල කකුල මගේ’, ‘එතකොට, රෑ දොළහට ලයිට් ගියා’, ‘කිරිල්ලී රන් කිරිල්ලී’ වැනි ගීත රැසක් ඔහු විසින් ගායනා කළේය.

Share with your friends :