27 C
Colombo
08/03/2026

රටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්

Share with your friends :

රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීය.

අත්‍යවශ්‍ය සහ සාමාන්‍ය ශල්‍යකර්ම සිදුකිරීමට පෙර රැපිඩ් පරීක්ෂණ කරන අතර ඒවා හිඟවීම නිසා ශල්‍යකර්ම පවා කල්දැමීමට සිදුව තිබෙන බව ද රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, අම්පාර, කරාපිටිය, මඩකළපුව, ත්‍රිකුණාමලය ඇතු`ඵ රෝහල් ගණනාවවකම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් පවතින බවද කුමුදේශ් මහතා සඳහන් කළේය.

Share with your friends :