27 C
Colombo
10/03/2026

අරුන්දිකගේ පුත් ඇතුළු 6 ක් රිමාන්ඩ්

Share with your friends :

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හය දෙනා අද (03) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.

රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුළත්ව එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් ඊයේ (02) අත් අඩංගුවට ගෙන අද (03) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ සැකකරුවන් පස් දෙනා සහ පෙරේදා රාත්‍රියේ නීතිඥවරයෙක් මාර්ගයෙන් රාගම පොලිසියට භාර වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු මෙසේ අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පළාගිය බී.එම්.ඩබ්ලිව් රථය කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉතුරු සැකකරුවන් සොයා විමර්ශන කටයුතු සිදුකරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා පවසයි .

Share with your friends :