27 C
Colombo
13/05/2026

ප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයි

Share with your friends :

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පෙරේදා (03)පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රේමනාත් දොලවත්ත මහතා ද රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා ද, විමල් වීරවංශ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා පැවැති හවුල්කාර පක්ෂවල රැස්වීමට සහභාගී වූහ .

හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ මීට පෙර පැවති රැස්වීමකට ද දොලවත්ත මහතා සහභාගි වූ අතර,පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගී හේතුවෙන් ඔහු මින් ඉදිරියට ,කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

Share with your friends :