27 C
Colombo
07/08/2026

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

Share with your friends :

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76කින්ද, ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 283ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 176ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 254ක් වනු ඇතැයි එම සංස්ථාව කියයි.
භූමිතෙල් මිලෙහි වෙසනක් සිදු නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව කියයි.

Share with your friends :