27 C
Colombo
10/03/2026

ළඟදීම ජාතික ආණ්ඩුවක් ? පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පහක් ඉල්ලා අස්වෙයි ?

Share with your friends :

රටේ වර්තමාන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය වී තිබේ. මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කිරීමට නියමිතය. ඒ අනුව දෙමල හා මුස්ලිම් පක්ෂද සම්බන්ධ කර ගැනේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එක් අයෙකු පමණක් සිටින බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ පස් දෙනකුට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබාදීමට නියමිත බව පැවසේ.
ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතා ගේ අගමැතිත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි පවසයි.
රජය විසින් කැදවීමට යෝජනා කර ඇති සර්ව පාක්‍ෂික සමුළුව මගින් යෝජනා සම්මත කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් සදහන්ය.

Share with your friends :