27 C
Colombo
10/03/2026

අරක්කු මිලත් නග්ගයි

Share with your friends :

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මෙම මිල ඉහළ දැමීම නිෂ්පාදන පිරිවැය මත සිදු වීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බව කී කපිල කුමාරසිංහ මහතා බදු වැකිරීමෙන් මිල වැඩි කළේ නම් පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ද සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ ආකාරය සුරාබදු දෙපාර්තමේන්තු දැනුවත් කළ යුතු බව ද කුමාරසිංහ මහතා වැඩි දුරටත් කීය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග සියයට 15 සිට සියයට 40 දක්වා පරාසයකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Share with your friends :