27 C
Colombo
10/03/2026

ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Share with your friends :

රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය.

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ.

යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. එම සම්බාධක මඟහැර යෑමට ද රුසියාවට චීනයේ සහාය අවශ්‍ය වෙයි.

රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.

Share with your friends :