27 C
Colombo
10/03/2026

එජාප සත්‍යග්‍රහයට සියලු පක්ෂවලට එන්න කියයි

Share with your friends :

ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ලබන 25 වැනිදා සවස 3 ට කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වේ.

සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කෙරෙන අතර පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Share with your friends :