27 C
Colombo
10/03/2026

ආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයි

Share with your friends :

ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනෙක් ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල 16 දෙනෙක් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන් 156 දෙනෙකු නියෝජනය කළ අතර එම මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 114 ක් දක්වා පහළ යනු ඇත.

Share with your friends :