27 C
Colombo
10/03/2026

ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි

Share with your friends :

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එසේ කටයුතු කළහොත් කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.

තමාට පදිංචිවීමට රජයෙන් නිවෙසක් ලබාදී ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය ඉඩකඩ ඇති නිවෙසක් නොවේ යැයිද කීවේය.

Share with your friends :