27 C
Colombo
10/03/2026

ඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයි

Share with your friends :

විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය පහසුකමේ කාලය දීර්ඝ කළ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ නිල ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලික අත් හිටවූ පසු රාජ්‍යයක් ලබා දුන් පළමු ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීම මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබා දෙන මුල්‍ය සහායේ තවත් එක් පියවරක් ලෙස මෙම කාල සීමාව දීර්ඝ කිරීම සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

Share with your friends :