27 C
Colombo
07/03/2026

අන්තර් පාලනය විහිළුවක්

Share with your friends :

අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

රටේ සමස්ත ජනතාව සති ගාණක සිට පාරට බැහැලා ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව කී ටිල්වින් සිල්වා මහතා පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්‍ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හස්‍යය දවන බව ද සඳහන් කළේය.

Share with your friends :