27 C
Colombo
06/03/2026

ඊයේ කොරෝනා මරණ 09න් 05ක් කලින් සිදු වූ ඒවා ..- හමුදාපති කියයි

Share with your friends :

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බවත් ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකච්චාවකට එක්වෙමිනි.
මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වීමේ ප්‍රමාදය මත වාර්තාවන් ඊයේ දිනයේ මරණ සඳහා එම සියල්ල එකතු වී ඇතැයිද , ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

Share with your friends :