27 C
Colombo
11/03/2026

DIG තුනක් තැන් තුනකට මාරු

Share with your friends :

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි එම්.ඩී.ආර්.එස්.දමින්ද මහතා නැගෙනහිර පළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයා වශයෙන්ද, නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා නැගෙනහිර පළාතේ සිට අපරාධ හා රථවාහන දිසාව වශයෙන්ද මෙලෙස ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.05.27 දිනැති ලිපියට අනුව රාජ්‍ය්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත්කරන බව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇත.

Share with your friends :