27 C
Colombo
11/03/2026

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

Share with your friends :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.

Share with your friends :