27 C
Colombo
08/03/2026

මන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයි

Share with your friends :

සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි.

වන රක්ෂිත වල වැවෙන කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත වලට ඇතුළු වීමට ජනතාවට අවසර ලබා දිය යුතු බවට වන යෝජනාවක් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ යෝජනාව ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවටත් කොස් දෙල් අල බතල ආහාර සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසයි.

වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.

Share with your friends :