27 C
Colombo
08/03/2026

නගරබද පාසල් ජූලි 10 තෙක් වහයි

Share with your friends :

බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි පැවැත්වීමට තීරණය කිරීමට හැකියාව ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය

අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් තීරණය කිරීමත් සමග පාසැල් සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බවද ගුණවර්ධන මහතා පැවසීය.

Share with your friends :