27 C
Colombo
08/03/2026

ඉන්ධන මිල වැඩි වෙයි

Share with your friends :

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, රුපියල් 450 කට පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ද, රුපියල් 400 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටර් එක මිල රුපියල් 60 කින් ද, රුපියල් 445 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ද, මිල ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 460 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share with your friends :