27 C
Colombo
11/03/2026

රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතු බව ධම්මික කියයි

Share with your friends :

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බව ද ඇමතිවරයා පැවසීය.
සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මීට දින කීපයකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙනි.

Share with your friends :