27 C
Colombo
11/03/2026

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයි

Share with your friends :

චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 ඉන්දීය පුවත් සේවය සඳහන් කළේය.

හදිසි මානුෂීය ආධාර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව පියවර ගැනීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළ බව නිව්ස් 18 පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවෙන් ලැබෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර ලෙස ආහාර සහ ඖෂධ සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය මානුෂීය ආධාර ඔස්සේ ලබා දෙන බවට ඉන්දියාව සහතික වී ඇතැයි ඒ පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඉහළ යන උද්ධමනයත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ හිඟයත් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා ඇතැයි නිව්ස් 18 පුවත් සේවය සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට,මූල්‍ය සහාය ලබාගැනීමට සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා සිටියත් ආහාර අර්බුදයක් ඇති වේ යැයි බියක් හට ගැනීම හේතුවෙන් මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා තම අසල්වැසියා වන ඉන්දියාව වෙත නැඹුරු වූ බව ආරංචි මාර්ග පවසා ඇත.

Share with your friends :