27 C
Colombo
11/03/2026

නව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියට

Share with your friends :

නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව එම නම හෙට දින යෝජනා කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් මේ සඳහා සහයෝගය පළ කළ බවත් මහලේකම්වරයා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයටම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share with your friends :