27 C
Colombo
12/03/2026

සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි

Share with your friends :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය.

සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.

ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

Share with your friends :