27 C
Colombo
12/03/2026

අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්

Share with your friends :

ජන අරගලයේ නිරත පිරිස් “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවෝ පැවසූහ.

ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.

කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඇතැම් අරගලකරුවන් ජාතික කොඩිය අවභාවිතා කිරිම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන්වලින් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු මරමස්ථාන කිහිපයක පෞරාණික භාණ්ඩ රැසකට හානිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා තහවුරු කළේය.

Share with your friends :