27 C
Colombo
12/03/2026

තව පොහොර නැවක් දෙසතියකින් එයි

Share with your friends :

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

එමෙන්ම 2022/2023 මහ කන්නය‍ට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට දැනටමත් එකඟතාවය පළ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වන මෙට්‍රික් ටොන් 44,000ක් රජයට අයත් ලංකා පො‍හොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීම් කටයුතු අරඹා තිබේ.

දින තුනක කාලයක් තුළ දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3000ක් බෙදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

තව දෙසතියකින් ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එම ඉන්දීය පොහොර වලින් දෙවන තොගයයි.

Share with your friends :