27 C
Colombo
12/03/2026

මූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා

Share with your friends :

ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රකාශය සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ රජයක් ඇති වූ වහාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම් බව ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය පැවසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ඇය සඳහන් කළාය. ​

Share with your friends :