27 C
Colombo
11/03/2026

8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි

Share with your friends :

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.

හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි.

පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කළ නායකයෙකු ලෙස ප්‍රකටය.

Share with your friends :