27 C
Colombo
11/03/2026

මා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක්

Share with your friends :

තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මා හැමදාම රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාකළ අයකු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කටයුතු කිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙන දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

රාජපක්ෂවරුන් සමග වැඩ කළා කියා ඔවුන් තමාගේ මිතුරකු නොවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Share with your friends :