27 C
Colombo
29/04/2026

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයි

Share with your friends :

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (24) පැවසීය.

ගුරුවරුන්ට පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවීමට මේ මස මුල පියවර ගත් බව කී ධර්මසේන මහතා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සළසාගත නොහැකි බව ගුරුවරු ඇතුළු නිලධාරීන් දැනුම්දී එයට හේතු වූ බව ද සඳහන් කළේය.

Share with your friends :