27 C
Colombo
11/03/2026

’’අරලියගහ මන්දිරය යන්න පුළුවන් තත්වයක නෑ’’

Share with your friends :

අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය .

ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත් රජය විදේශ රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් අගමැතිවරයා කීවේය.

ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය .

Share with your friends :