27 C
Colombo
11/03/2026

සැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක්

Share with your friends :

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම,රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය,රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල පිරිසක් ද මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි දැන ගන්නට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී ආරාධනා කරනු ඇතැයි දැනගන්නට ඇත.

නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනේෂ් ගුණවර්ධන මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ,හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (22)දිවුරුම් දුන් අතර,ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී,එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව පැවසේ.

Share with your friends :