27 C
Colombo
13/05/2026

රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධියට විමර්ශනයක්

Share with your friends :

සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එන්. ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (08) කරුණු වාර්තා කර ඇත.

වර්ෂ 2020 ඔක්තෝම්බර් මස 13 දින මධ්‍යම රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අවප්‍රමාණය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු බදු ආදායම මෙසේ අහිමි වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

Share with your friends :