27 C
Colombo
11/03/2026

බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක්

Share with your friends :

බස් ගාස්තු සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) නිලධාරීන්ට තර්ජනය කළ බවට නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ බස්හිමියන් අතර ඊයේ (9) පැවති සාකච්ඡාවෙන් අනතුරුව බස් හිමියන් ජාතික ගමනා ගමන කොමිසමේ කාර්යාල පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරෙමින් කොමිෂන් සභාවේ නිලධාරීන්ට තර්ජන කළ බවත් ඔවුන් සෙසු නිලධාරීන්ට දුරකථනයෙන් ද තර්ජනය කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නාරහෙන්පිට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බස් හිමියන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

Share with your friends :