27 C
Colombo
11/03/2026

ආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක්

Share with your friends :

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇතැයි ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බවත් සත්කාරත්ව අතහැරීමට පැය 24 ක කාලයක් ලබාදී ඇති බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ.

එම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගෙන ගිය ද එහි සත්කාරත්වය තව දුරටත් ශ්‍රී ලංකාව සතුව තිබෙන අතර ශ්‍රී ලංකාව එම තරගාවලියේ සත්කාරත්වය අතහැරිය හොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 15 කට ආසන්න ආදායමක් අහිමි වන බව ද වාර්තා වේ.

Share with your friends :