27 C
Colombo
10/03/2026

ගෝඨාභයට දැඩි රැකවල්: හෝටලයෙන් පිටව නොයන්නැයි ඉල්ලයි

Share with your friends :

තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතුන් මත ගුවන් යානය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇතැයි බැංකොක් පොස්ට් පුවත් පත සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට රැගෙන ගොස් ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.

සිවිල් ඇඳුමෙන් සැරසි තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු රැඳී සිටින හෝටලයේ යොදවා ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත් වාර්තා කළේය.

Share with your friends :