27 C
Colombo
10/03/2026

ආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්න

Share with your friends :

ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ

ආගමික ස්ථාන වල විදුලි බිල ද සියයට 55 කින් වැඩි කර ඇතැයි චෝදනා කළ සෝභිත හිමියෝ මෙය දරාගත නොහැකි වැඩිවීමක් බවද පෙන්වා දුන්හ

අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ විදුලිය බිලද සියයට 300 කින් පමණ වැඩි කර ඇතැයිද විදුලි බිල වැඩි කළ ආකාරය අසාධාරණය යැයිද එහිමියෝ පැවසූහ.

විදුලි බිල වැඩි කිරීම සංශෝධනය කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ

Share with your friends :