27 C
Colombo
11/03/2026

ඩලස් අනුරාධපුරයෙන් නව දේශපාලන ගමනක් අරඹයි

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කර ඇත.

ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම පසුගියදා අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇත.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැදපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට මෙම පිරිස අපේක්ෂා කරන අතර,ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද හමුවි සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය ජී එල් පීරිස් ,මහචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන ආචාර්ය නාලක ගොඩහේවා,ඩිලාන් පෙරේරා , උදයන කිරිදිගොඩ , වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ මෙම ගමනට එක්ව සිටිති.

Share with your friends :