27 C
Colombo
08/03/2026

රටේ තුනෙන් එකක් බඩගින්නේ

Share with your friends :

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ.

තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර් තාවේ සඳහන් වේ.

මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල දරුණු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නාගර බද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බව එම වාර් තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ සියයට 35 ක් පමණක් බව එම වාර් තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් අවම වශයෙන් 66000 ක් දරුණු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

Share with your friends :